කැළණි වැලි නෙළුම

හෝර්ටන් තැන්නේ පුංචි පුංචි දිය සීරා එකතු වී මහා ගංගාවක් නිර්මාණය විය. ඒ කැළණි මිටියාවතින් ගලා යන කැළණි ගංගාවයි. කොළඹ දිස්ත්‍රික්කයේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් මායිම් සලකුණු කරමින් කැළණි ගං මෝදර කොළඹ මහා ආර්ථික කේන්ද්‍රස්ථානයේ මුහුණට මුහුණ බලා සිටියි…

ලන්දේසීන් විසින් හැමිල්ටන් ඇල හරහා වෙළද භාන්ඩ ප්‍රවාහනයේ එක් ගමනාන්තයක් කැළණි ගඟ සළකුණු කරයි. ඒ කැළණි ගං මිටියාවතේ ජීවත්වන මිනිසුන්ගේ ශිෂ්ඨාචාරයේ දිය දහරයි.

සීතාවක රාජධානියේ අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, කැළණිය, කොළඹ කැළණි ගං මිටියාවතේ මායිම් නගරයි. එයින් පසුව කැළණි ගං මෝදරින් කැළණි ගඟ මහ මුහුදට වැටෙන ස්ථානයේ සිට පානදුර දක්වාත්, මොරටුව, රත්මලාන, දෙහිවල, කොළඹ තවත් මායිමක සීමා සළකුණු කරයි. කැළණි ගං මිටියාවතේ මිනිසුන්ගේ වාස භූමි සෑදෙන්නේ එසේය.

එමෙන්ම එක් පසෙකින් මහ මුහුදත්, අනෙක් පසෙන් කැළණි ගඟත් එයට මායින්ව පිහිටි නගර හැරුණු කොට කොළඹ දිස්ත්‍රික්කයේ හරි මැද පිහිටන්නේ නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, පාදුක්ක වැනි නගරයි.
මේ සියල්ල ගත් කල ශ්‍රී ලංකාවේ සුවිශේෂී ම මිටියාවත කැළණි ගං මිටියාවතයි.

එමෙන්ම එහි හරි මැදින් දිවෙන කැළණිවැලි දුම්රිය මාර්ගය කොළඹ කොටුවෙන් ආරම්භ වී අවිස්සාවේල්ල දක්වාම ගමන් කරයි.

එය අනෙක් දුම්රිය මාර්ගයන්ට වඩා සුවිශේෂී වෙයි. එය කොළඹ සිට සීතාවකට ඇදෙන ජීවිත ගමනාන්තයකි.
නාරාහේන්පිට ගොල්ෆ් ක්‍රීඩා කරන ධනවතාගේ සිට පාදුක්කේ කුඹුරක ගොවිතැන් කරන ගොවියා දක්වාම ජීවිත පාඩම් බොහෝමයක ජීවන චාරිකාවකි.

2020 ඇරඹෙන කැළණි ගං මිටියාවතේ අලුත් පරිච්ඡේදය:

පෙර සදහන් කළේ කැළණි ගං මිටියාවතේ අතීත සටහනයි.එයින් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන සටහන් තබමින් ලොව දියුණු තම මිටියාවතක සංවර්ධන ඇරඹුම් ඇරඹෙන වසර 2020 වසරයි. ඒ අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “වැඩකරන රටක” උතුම් අරමුණු පෙර දැරිවයි.

කොළඹ අහසේ දිළිසෙන නෙළුම් කුළුන පේන තෙක් මානයත්, නොපෙනෙන මානයත් එකලෙස සංවර්ධනය වන යුගයයි.

කොළඹ මහ නගර සැලැස්ම අනුව ඉදිවෙමින් පවතින ආසියාවේ දැවැන්තම වෙළද නගරය කොළඹ වරාය නගරයත්, හෝමාගම, පාදුක්ක නගර කේන්ද්‍ර කරගනිමින් ඉදිවෙන ශ්‍රී ලංකාවේ දියුණුම අද්‍යාපන තාක්ෂනික නගරත්, එමෙන්ම කැළණි මිටියාවතේ කේන්ද්‍රයේ පිහිටි අධිවේගී මාර්ග වල ප්‍රධානම භහුකාර්‍ය ප්‍රවාහන නැවතුම්පලත්, 2025 වසරේදී නිමාවට පත් වීමට නියමිත කැළණිවැලි දිත්ව දුම්රිය මාර්ගයත්, අපේ රටට අලුත් අද්දැකීමක් ගෙන එමින් ක්‍රියාවට නැගෙන විදුලි දුම්රිය සේවාවනුත්, අපේ මිටියාවතට සංවර්ධනයේ නැවුම් අරුණළු උදා කරයි.

මෙම සියළු සුභ සිහින වළට මැදිහත් වන සංවිධානයක් ලෙස “කැළණිවැලි නෙළුම” පිපිදෙන්නේ වැඩ කරන රටක කැළණි ගං මිටියාවතේ මහා ශක්තියක් ලෙසයි.

කැළණි මිටියාවතේ මිනිසුනේ, අපි අපේ සුභ සිහින සැබෑ කරගමු.

“වැඩ කරන රටක” රටට දැයට වැඩ ඇති මිනිසුන් වෙමු. මහා ජන පවුරක කොටස් කරුවන් වෙමු.

No Comments

Sorry, the comment form is closed at this time.